Latest News

අලුත් අවුරුද්දට ගමට යන්න අද සිට විශේෂ දුම්රිය සේවා

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන ජනතාවට විශේෂ දුම්රිය සේවා අද (11) සිට ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

විශේෂ දුම්රිය දහයක් ධාවනයට එක්කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නේ.

එක් දුම්රියක් කොළම කොටුව සිට බදුල්ල දක්වා ධාවනය කෙරෙන්නේ රාත්‍රි 7.30ටයි.

ඊට සමගාමීව බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වාද දුම්රියක් ධාවනයට යොදවා තිබෙනවා.

කොළඹ කොටුව සිට ගාල්ල දක්වා ද රාත්‍රි 7.20ට දුම්රියක් ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ගාල්ල සිට කොළඹ කොටුව දක්වාද දුම්රියක් ධාවනයට යොදවා තිබෙනවා.

අවුරුදු සමයේ සහ දීර්ඝ සති අන්ත නිවාඩු කාලය තුළ ගමන්වාර 31ක් සැලසුම් කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නේ.

ජනතාවගේ අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් පරිදී බස් රථ යෙදවීමට ද කටයුතු යොදා ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

World News