Latest News

ගිරවෙකු සමඟ ගුවන් ගමනක් යාමට ගිය කතකට නොසිතූ දෙයක් සිදුවෙයි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සිය ගිරවා සමග ගුවන් යානයකින් නිව්යෝර්ක් වෙත යාමට පැමිණි කාන්තාවකට ඒ සඳහා අවසර නොලැබීමේ පුවතක් අමෙරිකාවෙන් වාර්තා වනවා.

මරියා ෆ්‍රැටෙරිගෝ 76 හැවිරිදි කාන්තාවක්.

ඇයගේ මානසික සුවය සඳහා ඇති කරන ගිරවා සමග නිවාඩුවක් සඳහා පුවර්ටෝ රිකෝ වෙත යාමට ජෝන් එෆ් කෙනඩි ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ෆ්‍රොන්ටියර් ගුවන් සේවයට අයත් යානයකට ඇය ගොඩ වුයේ ඒ සඳහා අවසර ලැබීම හේතුවෙන්.

එහෙත් ටික වේලාවකින් ගුවන් සමාගම පවසා ඇත්තේ ඇයට යානයට නැගීමට අවසර දීම අත්වැරදිමක් බවයි.

කිසි විටෙකත් ගිරවා රැගෙන යාමට ඉඩදිය නොහැකි බව ඔවුන් පවසා තිබෙනවා.

කාන්තාව පවසා ඇත්තේ ගිරවා නොමැතිව තමන්ට යා නොහැකි බවයි.

ෆ්‍රොන්ටියර් ගුවන් සේවය පවසන්නේ කුඩා ගෘහස්ථ පක්ෂින් යානා තුළ රැගෙන යා හැකි නමුත් ගිරවුන් හෝ කොකාටු වැනි පක්ෂින් රැගෙන යා නොහැකි බවයි.

World News