ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව තීරුබදු යටතේ අයිෆෝන් එකක මිල තුන් ගුණයකින් ඉහළ යා හැකි බව විශ්ලේෂකයින් පවසනවා.
ඒ අනුව, අමෙරිකාවේ ඇපල් මාදිලියේ ජංගම දුරකථන නිෂ්පාදනය කළහොත් එය ඩොලර් 3,500 දක්වා මිල තුන් ගුණයකින් ඉහළ යා හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එමෙන්ම වර්තමාන මිල ලෙස ඩොලර් 1,000ක් සටහන් වන දුරකථනයක මිල තුන් ගුණයකට වඩා ඉහළ යා හැකි බවටයි විශේෂඥයින් පවසන්නේ.
නිෂ්පාදනය චීනයෙන් අමෙරිකාවට මාරු කිරීමට සිදුවුවහොත් 256GB iPhone 16 Pro එකක මිල ඩොලර් 1,100 සිට ඩොලර් 3,500 දක්වා ඉහළ යා හැකි බවටයි විශේෂඥයින් අනතුරු අඟවන්නේ.