Latest News

බද්ධ කළ ගර්භාෂයකින් සාර්ථක දරු උපතක්

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගර්භාෂ බද්ධයකින් සිදුවූ සාර්ථක දරු උපතක් පිළිබඳ එක්සත් රාජධානියෙන් වාර්තා වනවා.

එවැනි ආශ්චර්යක් එක්සත් රාජධානියේ සිදුවූ පළමු අවස්ථාව මෙය බවයි වාර්තා වන්නේ.

ගර්භාෂයක් නොමැතිව උපත ලැබූ 36 හැවිරිදි දරුවාගේ මවට 2023 වසරේ සිය සොහොයුරිය විසින් ගර්භාෂයක් පරිත්‍යාග කර තිබුණා.

එය එවකට එක්සත් රාජධානියේ සිදුවූ එකම සාර්ථක ගර්භාෂ බද්ධ කිරීමේ සැත්කම වනවා.

ඉන් වසර 2 කට පසු එම කාන්තාව පසුගිය පෙබරවාරි මාසයේදී ඇගේ පළමු දරුවා බිහි කෙරුණා.

ගර්භාෂය පරිත්‍යාගය කළ සොහොයුරියගේ නමින් ඇමී ලෙස එම දරුවාට නම් තැබීමටයි දෙමාපියන් කටයුතු කර ඇත්තේ.

දරුවා කිලෝ දෙකකට වැඩි බරකින් යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි මාධ්‍ය වාර්තා පවසන්නේ.

World News