Latest News

බංග්ලාදේශයේ සිටින අමෙරිකානු පුරවැසියන්ට අනතුරු ඇඟවීමක්

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බංග්ලාදේශයේ ඩකා හි පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය එරට සිටින අමෙරිකානු පුරවැසියන් සඳහා උපදෙස් නිකුත් කර තිබෙනවා.

ඒ, ඩකා නුවර පැවැත්වෙන විරෝධතා සැලකිල්ලට ගනිමින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එරට අමෙරිකානු තානාපති කාර්යාලයේ ප්‍රකාශකයා පවසා ඇත්තේ, ගාසා ගැටුම්වලට ප්‍රතිචාර වශයෙන් ඩකා සහ රට පුරා විරෝධතා දැක්වීමට විශ්වවිද්‍යාල සිසුන් කටයුතු කරන බවයි.

එමෙන්ම තානාපති කාර්යාලය අමෙරිකානුවන්ගෙන් ඉල්ලා සිටින්නේ එවැනි ප්‍රදේශ මගහැරීමට, යාවත්කාලීන වන මාධ්‍ය වාර්තා අනුගමනය කිරීම, ජනාකීර්ණ ස්ථානවල ගැවසීමෙන් වැළැකීම, පෙළපාලිවලින් වළකින ලෙස සහ හදිසි සන්නිවේදනය සඳහා සෑමවිටම ආරෝපිත ජංගම දුරකථනයක් රැගෙන යන ලෙසයි.

World News