Latest News

රටවල් 13කට සෞදි අරාබියෙන් තාවකාලික වීසා තහනමක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සෞදි අරාබිය විසින් බංග්ලාදේශය ඇතුළු රටවල් 13කට තාවකාලික වීසා තහනමක් පනවා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ වෙතත්, ජුනි මැද භාගය වන විට එය ඉවත් කළ හැකි බවත් එම මාධ්‍ය වාර්තාවල සඳහන්.

වීසා තහනමෙන් බලපෑමට ලක් වූ රටවල් වන්නේ පකිස්ථානය, ඉන්දියාව, බංග්ලාදේශය, ඊජිප්තුව, ඉන්දුනීසියාව, ඉරාකය, නයිජීරියාව, ජෝර්දානය, ඇල්ජීරියාව, සුඩානය, ඉතියෝපියාව, ටියුනීසියාව සහ යේමනයයි.

මෙම තාවකාලික සීමාව පිටුපස ඇති ප්‍රධාන හේතු කිහිපයක් සෞදි නිලධාරීන් ඉස්මතු කර තිබෙනවා.

ඒ අනුව සෞදි නිලධාරීන් සඳහන් කරන්නේ, ඇතැම් පුද්ගලයින් සෞදි අරාබියට ඇතුළු වීමට බහු-ප්‍රවේශ වීසා භාවිතා කර ඇති අතර පසුව හජ් සමය දක්වා නීති විරෝධී ලෙස රැඳී සිටින බවයි.

එනිසා අධික තදබදය සහ ආරක්ෂක අවදානම් වලට එය හේතු වන බවත් සඳහන්.

එමෙන්ම ව්‍යාපාරික හෝ පවුල් සංචාර වීසා මත ඇතුළු වන බොහෝ පුද්ගලයින් අවසරයකින් තොරව වැඩ කරමින්, වීසා කොන්දේසි උල්ලංඝණය කරමින් සහ ශ්‍රම වෙළඳපොලේ බාධා ඇති කරමින් සිටින බව වාර්තා වී තිබෙනවා.

මේ නිසා හජ් සමයේදී සංචාර නියාමනය කිරීමට සහ ආරක්ෂාව සහතික කිරීමට තාවකාලික වීසා අත්හිටුවීම අදහස් කරන බව සෞදි විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබෙනවා.

බලධාරීන් වීසා අයැදුම්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ නව රෙගුලාසිවලට අනුකූල වන ලෙසයි.

එසේ කිරීමට අපොහොසත් වීමෙන් දඬුවම් ලැබිය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා.

World News

Send your contact Details Today