Latest News

නෙතන්යාහු අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට හංගේරියාව සුවිශේෂී තීරණයක් ගනියි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

හංගේරියාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සාමාජිකත්වයෙන් ඉවත් වන බව අගමැති වික්ටර් ඕබන්ගේ රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු සඳහන් කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ගාසා තීරයේ යුද අපරාධ සිදු කළ බවට චෝදනා එල්ල වී ඇති ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබියදී ඔහු හංගේරියාවේ නිල සංචාරයක නිරතව සිටින බවත්, ඔහු අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා හංගේරියාව මේ තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

ජාත්‍යන්තර අපරාධ අධිකරණයට අනුව සාමාජිකත්වය දරන සියලු රටවල් අධිකරණ විසින් නිකුත් කරන වරෙන්තු ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින අතර, හංගේරියාව සාමාජිකත්වයෙන් ඉවත්වී ඇත්තේ සිය භූමිය තුළදී ඊශ්‍රායල අගමැතිවරයා අත්අඩංගුවට පත්වීම වැළැක්වීමට බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළා.

ඊශ්‍රායල අගමැතිවරයාට එරෙහිව පසුගිය නොවැම්බරයේදි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කිරීමෙන් පසු හංගේරියානු අගමැතිවරයා නෙතන්යාහුට සිය රටෙහි සංචාරයකට ඇරියුම් කළ බවත්, හංගේරියාවේදී ඔහු අත්අඩංගුවට පත් නොවන බවට සහතික කළ බවත් වාර්තා වනවා.

World News

Send your contact Details Today