Latest News

බෝතල් කළ පානීය ජලය සඳහා උපරිම සිල්ලර මිලක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බෝතල් කළ පානීය ජලය සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත (සංශෝධිත) 20 (5) වැනි වගන්තිය යටතේ මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

ඒ අනුව පොලිඑතිලීන් ටෙරෙප්තලේට් නමැති බෝතලයේ ප්‍රමාණය අනුව මෙහි මිල ගණන් තීන්දු වනු ඇති.

මිලිලීටර් 500 – 999ත් අතර වන එක් ජල බෝතලයක උපරිම සිල්ලර මිල දැක්වෙන්නේ රුපියල් 70ක්.

ලීටරයත් ලීටර 1.499ක මිල රුපියල් 100ක් ද ලීටර් 1.5 – ලීටර් 1.999 පානීය ජල බෝතලයක මිල රුපියල් 130ක් ද වනු ඇති.

අදාළ නියෝගය අප්‍රේල් මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වන බවයි පාරිභෝගික කටයුතු අධිකාරිය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

World News

Send your contact Details Today