Latest News

පළමු මාස තුනේ මාරක රිය අනතුරුවලින් මරණ 592ක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පළමු මාස තුනේ මාරක රිය අනතුරුවලින් මරණ 592ක්.

මෙම වසරේ ජනවාරි සිට මාර්තු දක්වා ගත වූ මාස 3 තුළ පමණක් මාරක රිය අනතුරු 565ක් සිදුව ඇති බවත්, ඉන් පුද්ගලයින් 592ක් මියගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

එළැඹෙන අලුත් අවුරුදු සමයේ රථ වාහන අනතුරු අවම කරගැනීම සඳහා කොළඹදී ඊයේ එනම් 2025.04.03 දින පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා පොලිසියේ රථවාහන අංශයේ ප්‍රධානී, නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා මේ බව පැවසුවා.

විවිධ අවශ්‍යතා සඳහා නිවසින් පිටව යන පුද්ගලයන්ගෙන් 7ත් 8ත් අතර දිනකට රිය අනතුරු හේතුවෙන් ජීවිතක්ෂයට පත්වන බවද ඔහු පෙන්වා දුන්නේය.

2024 දෙසැම්බර් මාසය වනවිට මෝටර් රථ කොමසාරිස් කාර්යාලය තුළ ලියාපදිංචි වාහන සංඛ්‍යාව 84 ලක්ෂ 54,513කි.

ඉන් වැඩිම ප්‍රමාණයකින් ලියාපදිංචි වී ඇත්තේ යතුරුපැදි වන අතර, එය 49 ලක්ෂ 22,000ක් පමණ වෙනවා.

එමෙන්ම දෙවනියට වැඩිම ලියාපදිංචි වී ඇති වාහනය ත්‍රීරෝද රථ වන අතර, එය 11 ලක්ෂ 85,000කි.

සමස්ථයක් ලෙස මෙරට ලියාපදිංචි වාහනවලින් 72%ක් යතුරුපැදි හා ත්‍රිරෝද රථ වන අතර, ඒ හේතුවෙන් වැඩිම අනතුරුවලට මුහුණ පා ඇත්තේද එම වාහන බව නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

සමස්තයක් ලෙස 2023 වසරේ මාරක රිය අනතුරු 2,231ක් සිදුව ඇති අතර, ඉන් 2341ක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එමෙන්ම 2024 වසරේ දී සිදු වූ මාරක රිය අනතුරු 2403ක් අතරින් 2,521ක් මියගොස් තිබෙනවා.

World News

Send your contact Details Today