Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමට හේතුව ට්‍රම්ප් ද?

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 44% ක තීරු බද්දක් පැනවීමට තීරණය කර ඇති පසුබිමක අද එනම් 2025.04.03 දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සැලකිය යුතු පහළ යාමක් දක්නට ලැබුණා.

දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 349.84කින් පහළ ගොස් තිබුණු අතර S&P SL20 දර්ශකය ඒකක 119.30කින් පහළ ගොස් තිබුණා.

ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 15,657.60ක් ලෙසත් S&P SL20 දර්ශක අගය ඒකක 4,643.32ක් ලෙසත් සටහන් වී තිබෙනවා.

අද දින ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 3.82 ක් ලෙසින් වාර්තා වේ.

World News

Send your contact Details Today