Latest News

මියන්මාරයට බලපෑ භූකම්පනයෙන් මියගිය පිරිස 3000 ඉක්මවයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මියන්මාරයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් සිදුව ඇති මරණ ගණන අද එනම් 2025.04.03 දින 3,000 සීමාව ඉක්මවා ගියා.

මියන්මාරයේ මැන්ඩලේ නගරාසන්නයට රික්ටර් මාපකයේ ඒකක 7.7ක ප්‍රබලත්වයකින් යුතු භූකම්පනයක් බලපෑවේ පසුගිය සිකුරාදා දිනයේ.

එම භූ කම්පනයෙන් සිදුවූ මරණ ගණන 3000 සීමාව අද ඉක්මවා ගියා.

දින කිහිපයක් ඉක්මගොස් ඇතත් අතර සුන්බුන් අතර සිරවූවන් මුදාගැනීමේ මෙහෙයුම් තවමත් අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතී.

ඒ චීන, ඉන්දීය ඇතුළු විදෙස් මුදාගැනීමේ කණ්ඩායම්වලද සහාය ඇතිවයි.

මේ අතර එරට සන්නද්ධ කණ්ඩායම්වලට එරෙහිව ක්‍රියාත්මක ප්‍රහාර මේ මස 22වනදා දක්වා තාවකාලිකව අත්හිටුවීමට මියන්මාර හමුදා ජුන්ටාවට තීරණය කර තිබේ

World News

Send your contact Details Today