Latest News

බ්‍රිතාන්‍යයට පැමිණෙන සංචාරකයින්ට නව නීතී

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බ්‍රිතාන්‍යයට පැමිණෙන යුරෝපීය සංචාරකයින් වෙනුවෙන් විද්‍යුත් අවසර පතක් ලබාගැනීම අනිවාර්ය කර තිබෙනවා.

ඒ යටතේ පවුම් 16ක මුදලක් වැය කර අවසරපත් ලබාගත යුතු බව වාර්තා වෙනවා.

කලක් යුරෝපා සංගමයේ ප්‍රබල සාමාජිකයෙකුව සිටි බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් වෙන්වූයේ බ්‍රෙක්සිට් නම් සුවිශේෂී වැඩපිළිවෙළ යටතේය.

එතැන් සිට එරට යුරෝපයෙන් වෙන්වූ රාජ්‍යයක් ලෙස කටයුතු කරමින් සිටී.

තම රටට පැමිණෙන සියලුම යුරෝපීයයන් ඉලක්ක කරගත්, විද්‍යුත් සංචාරක අවසරපත් නිකුත් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීමට බ්‍රිතාන්‍යය දැන් පියවර ගෙන තිබෙනවා.

නව ක්‍රමවේදය යටතේ බ්‍රිතාන්‍ය දේශසීමාව තරණය කරන සියලුදෙනා මේ විද්‍යුත් සංචාරක අවසරපත් ලබාගැනීම අනිවාර්ය කර ඇත

මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ලබාගත හැකි මෙම අවසරපත සඳහා පවුම් 16ක මුදලක් වැයකළ යුතු වෙනවා.

එය ක්‍රියාත්මක වන්නේ අප්‍රේල් මස 9 වෙනිදා සිටයි.

කෙසේ නමුත් ඔවුන්ට මෙහිදී වීසා ලබාගැනීමට අවශ්‍ය වන්නේ නැහැ.

නිල සංඛ්‍යා ලේඛනවලට අනුව 2023 වසරේදී පමණක් යුරෝපා සංචාරකයින් මිලියන 22.5ක් බ්‍රිතාන්‍ය යේ සංචාරය කර තිබෙනවා

මෙම විද්‍යුත් සංචාරක අවසරපත් ක්‍රමවේදය පසුගිය වසරේදී පළමුවරට ක්‍රියාත්මක වූයේ යුරෝපා නොවන සංචාරකයින් ඉලක්ක කරගෙනයි.

කෙසේ නමුත් රටේ දේශසීමාවල ආරක්ෂාව තරකිරීමට මෙම පියවර ගැනීමට සිදුවූ බවයි බ්‍රිතාන්‍ය රජය වැඩිදුරටත් පවසන්නේ.

World News

Send your contact Details Today