Latest News

තර්ජන පවතින බන්ධනාගාර නිලධාරීන්ගේ වාර්තාවක් වැඩ බලන පොලිස්පතිට

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

තර්ජන පවතින බන්ධනාගාර නිලධාරීන්ගේ වාර්තාවක් වැඩබලන පොලිස්පතිවරයා වෙත භාර දී තිබෙනවා.

එම වාර්තාව බුද්ධි අංශ වෙතද යොමු කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.

තර්ජන පවතින නිලධාරීන් සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාළ වාර්තාව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත යොමු කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා

කළුතර, ගාල්ල, බූස්ස සහ මාතර බන්ධනාගාරවලට අනුයුක්ත බන්ධනාගාර නිලධාරීන් ජීවිත තර්ජනවලට මුහුණ දී ඇති අතර මේ පිළිබඳ සලකා බලා අදාළ වාර්තාව ලබා දී ඇත.

කෙසේ වෙතත් තර්ජන පවතින නිලධාරීන් සංඛ්‍යාත්මකව හඳුනාගෙන නොමැති බව සඳහන් වේ.

අක්මීමන තලගහ ප්‍රදේශයේදී හිටපු බන්ධනාගාර නිලධාරීවරයෙකු වෙඩි තබා ඝාතනය කිරීමෙන් අනතුරුව මෙම පියවර ගත් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවා.

කෙසේ වෙතත් බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව සඳහා මේ වන විටත් ගිනි අවිද නිකුත් කර තිබෙනවා.

දීර්ඝ කාලයක සිට බන්ධනාගාර නිලධාරීන් විවිධ ජීවිත තර්ජනවලට මුහුණ දෙමින් සිටින අතර මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සිරකරුවන් රඳවා සිටින නිලධාරීන්ගේ ජීවිත තර්ජන ඉහළ මට්ටමක පවතිනවා.

World News

Send your contact Details Today