Latest News

ඉන්දීය රජයට බල කරන ලාංකිකයෝ

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දියාවේ වාසය කරන ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයන් මෙරටට ආපසු පැමිණීමට පහසුකම් සපයන ලෙස එරට මධ්‍යම සහ තමිල්නාඩු ප්‍රාන්ත රජයන්ගෙන් ඉල්ලා තිබෙනවා.

ආර්ථික අර්බුදය හේතුවෙන් තම මව්බිම අතහැර පළාගිය මෙම පිරිසට නිසි සහයෝගයක්, අධ්‍යාපනයක් හෝ රැකියා අවස්ථා ලබාගැනීමට නොහැකිව ඉන්දියාව තුළ අස්ථාවර ජීවිතයක් ගතකරන ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.

2021-2022 වසරේදී මෙරට ඇති වූ ආර්ථික අර්බුද හේතුවෙන් ජීවත්වීමට මාර්ගයක් නොමැති වීම මත මෙම පිරිස ඉන්දියාවේ රැකවරණය පතා මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පළා ගොස් තිබුණා.

මෙම පිරිස අතරට පවුල් 96කට අයත් පිරිමි පුද්ගලයින් 15ක් කාන්තාවන් 95ක් පිරිමි ළමුන් 58ක් සහ ගැහැණු ළමුන් 57ක් ඇතුළුව ශ්‍රී ලාංකික දමිළ ජාතිකයින් 315ක් අයත් වන අතර ඔවුන් ඉන්දියාවේ රාමේෂ්වරම් වෙත පැමිණ තිබුණා.

එහිදී තමිල්නාඩු රජය ඔවුන්ට නවාතැන් සහ ආහාර සපයා තමිල්නාඩු ප්‍රාන්තයේ මණ්ඩපම් සරණාගත කඳවුරේ රඳවා තබා ගෙන තිබුණා.

කෙසේ නමුත් ඔවුන්ට එරට මධ්‍යම රජයෙන් නිල සරණාගතභාවය ලබා දී නොමැති බැවින් අත්‍යවශ්‍ය සේවා සඳහා ඔවුන්ට ඇති ප්‍රවේශය සීමා සහිතව පැවතුණා.

මෙම පවුල් මුහුණ දෙන ප්‍රධානම අභියෝගය බවට පත්ව ඇත්තේ තම දරුවන්ට පාසල් අධ්‍යාපනය ලබා දීම වන අතර නිල පිළිගැනීමක් හෝ මූල්‍ය ආධාරයක් නොමැතිව බෝහෝ සරණාගත දරුවන්ට පාසල් යාමට නොහැකි වී ඇති බව එම පවුල්වල සාමාජිකයින් පැවසුවා.

ආදායමක් නොමැතිව අනාගතය ගොඩනගා ගැනීමට අරගල කරන මෙම පුද්ගලයින් පවසන්නේ මේ වන විට තමන් සිරකරුවන් බවට පත්ව ඇති බවයි.

ඔවුන් පවසන්නේ ශ්‍රී ලංකාවේ නව රජය ඔවුන්ට සහයෝගය ලබා දෙන බවට සහතික වී ඇති බවත් ඔවුන්ට ආපසු මෙරටට පැමිණීමට අවසර ලබා දී ඇති බවයි.

ඒ අනුව එම සරණාගයින් ඉන්දීය රජයෙන් ඉල්ලා සිටින්නේ ආපසු ඔවුන් හරවා යැවීමේ ක්‍රියාවලිය කඩිනම් කරන ලෙසයි.

ඒ අනුව ඔවුන් එරට තමිල්නාඩු ප්‍රාන්ත රජයෙන් සහ ඉන්දීය රජයෙන් මෙම ක්‍රියාවලිය වේගවත් කරන ලෙස ඉල්ලීමක් කර ඇතැයිද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

World News

Send your contact Details Today