Latest News

පුත්තලම මහාධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාර ගත කළ නීතිඥවරිය මුදාහරින ලෙස නියෝග

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

උසාවියට අපහාස කළේ යැයි පුත්තලම මහාධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාරගත කරන ලද නීතීඥ එස්.ඒ. පී. උදයංගනී වහා මුදාහරින ලෙස අභියාචනාධිකරණය අද දින එනම් 2025.03.31 නියෝග කළා.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ රජීව් අමරසූරිය මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාදීකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

මෙසේ මුදා හරින ලෙස නියම කළ නීතිඥවරියට අප්‍රේල් මස 28 වනදා අභියාචනාධීකරණය හමුවේ පෙනී සිටින ලෙසත් අධිකරණය විසින් නිකුත් කළ නියෝගයේ සඳහන් වුණා.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ උපදේශක නීතිඥ ජී.ජී. අරුල්ප්‍රගාසම් මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥවරුන් වන සාලිය පීරිස්, ෆයිසර් මුස්තාෆා ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාපා මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කළා

ඉකුත් 28 වනදා ඇප අයදුම්පතක් සම්බන්ධයෙන් පුත්තලම මහාධිකරණය හමුවේ පෙනී සිටි එස්.ඒ. පී. උදයංගනී නමැති නීතිඥවරිය අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ඇයගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව විනිසුරුවරිය විසින් ඇය ඇපමත මුදා හළ බවට දැනගන්නට ඇතැයි පෙත්සම්කරු සඳහන් කළා

එහෙත් එදින ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් අදාළ නීතිඥවරිය රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන බවත් පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා විභාග කිරීමේ විධිමත් ක්‍රියා පටිපාටියක් පවතින බව පෙන්වා දුන් පෙත්සම්කරු අදාල නීතිඥවරියට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීමේදි මහාධිකරණ විනිසුරුවරිය විසින් එම ක්‍රියා පටිපාටිය අනුගමනය කර නොමැති බව පෙනි ගොස් තිබෙන බවත් සඳහන් කර සිටියේය.

ඒ අනුව මෙම පෙත්සම විභාග කිරීමට අවසර දෙන ලෙසත් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අදාළ නීතිඥවරිය නිදහස් කරන ලෙස වාරියපොළ බන්ධනාගාර අධිකාරිවරයා වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබුණි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව මෙම නියෝග නිකුත් කළා.

මෙහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ උපදේශක නීතීඥ ජී.ජී. අරුල් ප්‍රගාසම් මහතාගේ උපදෙස් මත නිරංජන් අරූල් ප්‍රගාසම්, සේනානි දයාරත්න, ජනාධිපති නීතිඥවරුන් වන සාලිය පිරිස්, ෆයිසර් මුස්තාපා සමග ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තෆා මහතා පෙනී සිටියා.

World News

Send your contact Details Today