Latest News

ශ්‍රී ලාංකික මාධ්‍යවේදිනියකට අමෙරිකාවෙන් සම්මානයක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ ගවේෂණාත්මක මාධ්‍යවේදිනියක වන නමිනි විජේදාස මෙම වසරේ International Women of Courage (IWOC) සම්මානය සදහා තේරී පත්ව තිබෙනවා.

ඇය මෙම සම්මානයට පාත්‍ර වී ඇත්තේ ශ්‍රී ලංකාවේ වංචා දූෂණ හෙළිදරව් කිරීම සහ විනිවිදභාවය වෙනුවෙන් කැපවීමෙන් යුතුව කටයුතු කිරීම මත පදනම්වයි.

නමිනි විජේදාස දශක තුනකට අධික කාලසීමාවක් මාධ්‍ය ක්ෂේත්‍රය තුළ කීර්තිමත් නමක් දිනා සිටින මාධ්‍යවේදිනියක් ලෙසට ප්‍රසිද්ධියට පත්ව සිටිනවා.

විශේෂයෙන්, ශ්‍රී ලංකාවේ පැවැති ගැටලු රැසක් පිළිබඳව ඇය කැපවීමෙන් යුතුව වාර්තාකරණයේ නිරත වී ඇති බවයි පැවසෙන්නේ.

2007 වර්ෂයේදී අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තුමේන්තුව විසිනුයි IWOC සම්මානය ස්ථාපිත කළේ.

මෙම වසරේ අප්‍රේල් මස 08 වනදා අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි පිහිටි Jonathan Club හිදී ඇය මෙම සම්මානයෙන් පිදුම් ලබනු ඇති.

මෙවර එම සම්මාන රාත්‍රිය පැවැත්වෙන්නේ 18 වන වරටයි.

World News

Send your contact Details Today