Latest News

පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරු ගැන විශේෂ තීරණයක් ගැනීමට සූදානමක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් යෝජිත ජාතික ගුරු සභාව යටතේ පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරු ද ලියාපදිංචි කිරීමට සූදානම් වන බව වාර්තා වනවා.

අදාළ යෝජනාව ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.

අධ්‍යාපන, පරිපාලන, විදුහල්පති, ගුරු අධ්‍යාපනඥ හා ගුරු යන සේවා හතරට ම අදාළ වැටුප් ගැටලු, සුදුසුකම් සම්බන්ධ තීරණ ඇතුළු බොහෝ කටයුතු සිදු කරනු ලබන්නේ මෙම ගුරු සභාවෙන්.

මෙම සේවා හතරට අයත් සියලු දෙනාට මෙම සභාවෙන් ලියාපදිංචි අංකයක් පිරි නමන අතර එම අංකය නොමැති ගුරුවරුන්ට ඉගැන්වීම් කටයුතු කළ නොහැකි වනවා.

එමෙන්ම මෙම කමිටුවට ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවලට අදාළ නිර්දේශ ඇතුළත් සුබෝධිනී කමිටු තීරණ ක්‍රියාත්මක කිරීමේ වගකීම ද පැවරෙනු ඇති.

පෞද්ගලික උපකාරක පන්ති නියාමන කටයුතු ද මෙම සභාව මඟින් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඊට පෙර එම ගුරුවරුන් ලියාපදිංචි කෙරෙන බවයි වාර්තා වන්නේ.

World News

Send your contact Details Today