වික්ටෝරියා ප්‍රාන්තයේ ඇවලෝන් ජාත්‍යන්තර ගුවන් ප්‍රදර්ශනය අතරතුර ගුවන් අනතුරක් සිදුව තිබෙනවා.
ගුවන් යානා 4 ක් දර්ශන තලයේ පියාසරමින් සිටින අතරතුර එක් යානයක් බිමට පතිතවන ආකාරය දැකගැනීමට හැකිවූ බවයි නරඹන්නන් පවසන්නේ.
ගුවන් නියමුවාගේ තත්වය බරපතල බව ද වාර්තා වනවා.
ඒ අනුව අදාළ ගුවන් සංදර්ශනය අද පැය කිහිපයකට අත්හිටුවීමටයි එහි බලධාරීන් පසුව තීරණය කර තිබුණේ.
ලබන ඉරිදා තෙක් පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය දකුණු අර්ධගෝලයේ විශාලතම ජාත්‍යන්තර ගුවන් සංදර්ශනය සහ අභ්‍යවකාශ හා ආරක්ෂක ප්‍රදර්ශනයයි.


