අමෙරිකාව සමඟ පැවති පැරණි සබඳතා සියල්ල අවසන් බව කැනඩා අග්‍රාමාත්‍යවරයා පවසනවා.
ආර්ථිකය, ආරක්ෂාව හා හමුදා සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා අමෙරිකාව සමඟ පැවති සියලු සබඳතා අවසන් බවයි කැනඩා අග්‍රාමාත්‍ය මාර්ක් ඛානි පවසනවා.
අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව තීරුබදු හේතුවෙන් කැනඩා ආර්ථිකය පිළිබඳ මූලික වශයෙන් සිතාබලා කටයුතු කිරීමට ජනතාව කටයුතු කළ යුතු බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
කැබිනට් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ කරුණු දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.
එමෙන්ම අමෙරිකා ආර්ථිකයට බලපෑමක් එල්ලවන ආකාරයේ බදු පැනවීමට තමා කටයුතු කරන බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී තවදුරටත් සඳහන් කළේ.
එමෙන්ම අමෙරිකාවෙන් ආනයනය කෙරෙන වාහන හා වාහන අමතරකොටස් සඳහා සියයට 25ක අමතර තීරු බදු පැනවීමට අදහස් කරනව බවද ඔහු කියා සිටියා.