චීන මහජන සමූහාණ්ඩුව සහ ප්‍රංශ ජනරජය දේශගුණික විපර්යාස පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
ඒ පැරිස් ගිවිසුමේ දස වන සංවත්සරය නිමිත්තෙන්.
දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කිරීමට සහ බහුපාර්ශ්විකත්වය ආරක්ෂා කිරීමට දෙරට සතු දැඩි කැපවීම එම ප්‍රකාශයෙන් නැවත අවධාරණය කර තිබුණා.
එමෙන්ම ගෝලීය වශයෙන් පරිසර හිතකාමී බව හා අඩු කාබන් සහිත දේශගුණික පරිවර්තනය පැරිස් ගිවිසුම පිළිබිඹු කරන බවත්, ගෝලීය මට්ටමෙන් දේශගුණික ක්‍රියාමාර්ග ප්‍රවර්ධනය කර ඇති බවත් අවධාරණය කරමින්,පැරිස් ගිවිසුමට සහ එහි සඳහන් ගෝලීය උණුසුම පාලනය කිරීමට අදාළ ඉලක්ක වෙත යාම වෙනුවෙන් දෙපාර්ශ්වය දැඩි ලෙස සහාය දක්වන බවත් අදාළ ප්‍රකාශයේ සඳහන්.
තවද, පැරිස් ගිවිසුමේ මූලධර්ම සහ දිගුකාලීන අරමුණු ඒකාබද්ධව සාක්ෂාත් කර ගැනීමේ අවශ්‍යතාව සහ දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීමේදී ජාත්‍යන්තර සහයෝගීතාව වෙනුවෙන් දේශපාලන මැදිහත්වීමක් ලබා දීමට සියලු පාර්ශවයන් ක්‍රියා කිරීමේ අවශ්‍යතාව ද දෙරට අවධාරණය කර තිබෙනවා.
චීනය සහ ප්‍රංශය 2019 වසරේදී “ජෛව විවිධත්ව සංරක්ෂණය සහ දේශගුණික විපර්යාස පිළිබඳ බෙයිජිං මුලපිරීම” නිකුත් කර තිබෙනවා.
එමෙන්ම, 2024 වසරේ මැයි මස 06 වැනිදා, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ ප්‍රංශ ජනාධිපති Emmanuel Macron මහතා “ජෛව විවිධත්ව සහ සාගර සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳ චීන-ප්‍රංශ ඒකාබද්ධ ප්‍රකාශය : Kunming – Montreal සිට Nice දක්වා” එළඹුණා.
ඒ අනුව ගෝලීය අභියෝගවලට මුහුණ දීම සඳහා ඉහත ජයග්‍රහණ මත පදනම්ව චීනය සහ ප්‍රංශය අතර සංවාදයේ වැදගත්කම ද මෙවර ප්‍රකාශයෙන් අවධාරණය කර තිබෙනවා.