වන සතුන් පිළිබඳ සිදු කළ සංගණනයේ ප්‍රතිඵල මත පදනම්ව, ඔවුන් කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩි. ලාල්කාන්ත මහතා පවසනවා.
අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, වගාවන්ට හානි කරන රිළවුන්, වඳුරන්, මොනරුන් සහ දඬුලේනන් පිළිබඳ පසුගියදා සිදු කළ සංගණනයේ වාර්තාව හෙට (28) එළිදැක්වීමට සැලසුම් කර ඇති බවයි.
මහනුවර ප්‍රදේශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමින් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩි. ලාල්කාන්ත මහතා මේ බව ප්‍රකාශ කළා.