Latest News

කුවේට් ගිහින් වැරදි වැඩ කර බන්ධනාගාරගතව සිටි පිරිසක් ලංකාවට එවයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කුවේට් රාජ්‍යයේ මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) රඳවා තබා සිටි ශ්‍රී ලාංකික සිරකරුවන් 20 දෙනෙකු , කුවේට් – ශ්‍රී ලංකා සිරකරු හුවමාරු ගිවිසුම යටතේ, මෙරටට භාර දීම සදහා 03/26 දින දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත , එරට සිට විශේෂ ගුවන් යානයකින් රැගෙන විත් තිබුණා.

කුවේට් – ශ්‍රී ලංකා සිරකරු හුවමාරු ගිවිසුම 2007 වසරේ දී අත්සන් තබා ඇති අතර, එම ගිවිසුම යටතේ ඉකුත් 2024 වසරේ දීත් ශ්‍රී ලංකා සිරකරුවන් 32 දෙනෙකු පළමු වරට මෙරටට ගෙනැවිත් භාර දී තිබෙනවා.

මෙවර කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන පැමිණි ශ්‍රී ලාංකික සිරකරුවන්, කුවේට් රාජ්‍යය තුළ මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම, ප්‍රවාහනය කිරිම සහ ජාවාරම් කිරීම යන චෝදනා සහ තවත් විවිධ චෝදනා මත එරට ආරක්ෂක අංශ මගින් අත් අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාවලිය වෙත යොමු කර, දඩුවම් ලබා, බන්ධනාගාරගතව සිටි පිරිසක්.

මොවුන් කුවේට් ගුවන් හමුදාවට අයත් බෝයිං C- 17 වර්ගයේ විශාලතම ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණා.

කුවේට් ගුවන් හමුදාවට අයත් KFC- 3207 දරන එම ගුවන් යානය 03/26 දින දහවල් 11.45 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මෙම ගුවන් යානය තුළ ශ්‍රී ලාංකික සිරකරුවන් සමග කුවේට් ආරක්ෂක නිලධාරීන් 50 දෙනෙකු පමණ පැමිණ සිටි අතර, ඔවුන් සමග ගුවන් යානා කාර්යය මණ්ඩලය ද දිනක විවේකයක් සදහා කොළඹ තරු පංතියේ හෝටලයක් වෙත යොමු කර තිබුණා.

මෙසේ කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ සිරකරුවන් කොළඹ, වැලිකඩ මැගසින් බන්ධනාගාරය වෙත රැගෙන යාමට බන්ධනාගාර දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

කුවේට් – ශ්‍රී ලංකා සිරකරු හුවමාරු ගිවිසුම යටතේ මේ වනවිට අවස්ථා දෙකකදී , ශ්‍රී ලාංකික සිරකරුවන් 52 දෙනෙකු මෙරටට රැගෙන විත් භාර දී තිබුණ ද ශ්‍රී ලංකාවෙන් කුවේට් රාජ්‍යය වෙත භාර දීම සදහා කුවේට් ජාතික සිරකරුවන් කිසිවෙකු නොවීම ද විශේෂත්වයක්.

World News

Send your contact Details Today