Latest News

ශ්‍රී ලංකාවේ පළමු කේබල් කාර් ව්‍යාපෘතියේ පළමු අදියර අවසන් වන දිනය මෙන්න

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ පළමු කේබල් කාර් ව්‍යාපෘතියේ පළමු අදියර මෙම වසරේ ඔක්තෝබර් මාසය වන විට අවසන් කිරීමට අපේක්ෂා කරන බව වාර්තා වනවා.

ශ්‍රී ලංකාවේ චීන තානාපති ක්වි ෂෙන්හොං මහතා ගම්පොල, අම්බුළුවාව ප්‍රදේශයේ සිදු කළ සංචාරයේදී මේ බව අනාවරණය වුණා.

සංචාරය අතරතුර, චීන තානාපතිවරයා අම්බුළුවාව භාරයේ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා ද හමුවුණා.

චීන තානාපතිවරයා සමඟ සම්බන්ධ වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයරත්න මහතා පැවසුවේ වසර 18 කට පෙර ශක්‍යතා අධ්‍යයනයක් අවසන් කරන ලද මෙම ව්‍යාපෘතිය චීන සහ අමරිකානු ආයෝජකයින්ගේ සහභාගීත්වය හේතුවෙන් දැන් යථාර්ථයක් වෙමින් පවතින බවයි.

කේබල් කාර් සේවාව ගම්පොල දුම්රිය ස්ථානය දක්වා පුළුල් කෙරෙන අතර මෙය නුවරඑළියට යන විදේශීය සංචාරකයින් සඳහා ගම්පොලදී විවේකයක් ලබා දීම සඳහාත් එම සංචාරකයින්ට අම්බුළුවාව දක්වා කේබල් කාර් ගමනක් භුක්ති විඳීමට හැකි වනු ඇති බවයි ඔහු තවදුරටත් පැවසුවේ.

ශ්‍රී ලංකාවේ පළමු කේබල් කාර් ව්‍යාපෘතිය අම්බුළුවාව ආගමික හා ජෛව විවිධත්ව සංකීර්ණය සිට අම්බුළුවාව කන්ද මුදුන දක්වා කිලෝමීටර 1.8 ක දුරක් ආවරණය කර පසුව අම්බුළුවාව ගොවිජන කුළුණට සම්බන්ධ වනවා.

World News

Send your contact Details Today