තුර්කි ජනාධිපති එර්දෝගන්ගේ ප්රධාන ප්රතිවාදියා බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ සමඟම විරෝධතා රැල්ලක්ද හට ගත්තා.
තුර්කි ජනාධිපති රිසෙප් තයීප් එර්ඩෝගන්ගේ ප්රධාන ප්රතිවාදියා අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර ඇත්තේ දූෂණ චෝදනා එල්ල කරමින්.
මෙලෙස චෝදනා එල්ල වූයේ ඉස්තාන්බුල් නගරාධිපති එක්රෙම් ඉමාමොග්ලු හටයි.
ඊයේ (23) පැවති ඡන්ද විමසීමේදී ඔහුගේ රිපබ්ලිකන් මහජන පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හෙතෙම තේරී පත් වීමට නියමිතව සිටියා.
කෙසේ වෙතත් එල්ල වන චෝදනා ඔහු ප්රතික්ෂේප කර ඇති අතර ඒවා දේශපාලනික වශයෙන් එල්ල කළ චෝදනා බවටයි සඳහන් කර ඇත්තේ.
ඔහු අත්අඩංගුවට ගැනීමත් සමග විරෝධතා කිහිපයක් ඇතිව තිබෙනවා.
එම විරෝධතා දශකයකට වැඩි කාලයක් තුළ තුර්කියේ ඇති වූ දැවැන්තම විරෝධතාවයි.