Latest News

චීනයට එරෙහිව ඩොලර් ට්‍රිලියන ගණනක් වියදම් කරමින් අමෙරිකාවෙන් අලුත් වැඩක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමරිකාව සිය අනාගතය වෙනුවෙන් ප්‍රහාරක ජෙට් යානාවක් නිර්මාණය කරන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

එම යානය නම් කර ඇත්තේ F-47 ලෙසයි.

චීනයට එරෙහිව සටන් කිරීම වෙනුවෙන් මෙම නව ප්‍රහාරක ජෙට් යානය නිපදවන බවයි පෙන්ටගනය පවසා ඇත්තේ.

මිනිසුන් සහිත මෙම ජෙට් යානය අනාගත ඩ්‍රෝන ගුවන් යානා බලඇණියේ එකතුවක් ලෙස සේවය කරනු ඇති බවයි ජනාධිපති ට්‍රම්ප් වැඩිදුරටත් කියාසිටියේ.

එහි මූලික ඇස්තමේන්තුගතත වියදම වන්නේ ඔස්ට්‍රේලියානු ඩොලර් බිලියන 31 ක්.

වඩාත් දියුණු ජෙට් යානයක් වන F-35 නිෂ්පාදනය සම්පූර්ණ කිරීමට පෙන්ටගනය තවමත් අපොහොසත් වී ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

ඊට වැය කර ඇති මුදල ඔස්ට්‍රේලියානු ඩොලර් ට්‍රිලියන 2.8 ක් බවද එම වාර්තාවල සඳහන්.

World News

Send your contact Details Today