Latest News

මැතිවරණ පැමිණිලි සිදු කිරීමට අලුතින් App එකක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පළාත් පාලන මැතිවරණයට සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා නව ජංගම දුරකථන යෙදවුමක් අද (22) හඳුන්වා දුන්නා.

එය හඳුන්වා දුන්නේ මැතිවරණ කොමිෂන් සභාවේදීයී.

ඒ අනුව මැතිවරණ පැමිණිලි විධිමත් හා නවීන තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ ඉදිරිපත් කිරීමට හැකිවන පරිදි, EC EDR නම් ජංගම දුරකථන යෙදවුමක් නිර්මාණය කර තිබෙනවා.

මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා ප්‍රකාශ කළේ, “මහජනතාවට පැමිණිල්ලක් තිබේ නම්, දැන් එය මෙම යෙදවුම හරහා ඉදිරිපත් කිරීමේ හැකියාව” තිබෙන බවයි.

පැමිණිලි කළ පුද්ගලයාට තමන්ගේ පැමිණිල්ලට කුමක් සිදුවුණේද යන්න දැන ගැනීමටත් හැකියි.

මෙම යෙදවුම ඔස්සේ වීඩියෝ, ඡායාරූප සහ තොරතුරු ලබාදීමේ හැකියාවත් ද පවතිනවා.

World News

Send your contact Details Today