Latest News

පැය ගණනක් මුහුදේ අතරමංව සිටි අයෙක් බේරාගත් පොලිස් මෙහෙයුම

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පැය ගණනක සිට මුහුදේ බෝට්ටුවක අතරමංව සිටි පුද්ගලයෙකුගේ දිවි බේරා ගැනීමට බටහිර ඔස්ට්‍රේලියා පොලීසියට හැකිව තිබෙනවා.

41 හැවිරිදි එම පුද්ගලයා බටහිර ඔස්ට්‍රේලියාවේ Rottnest දූපතේ රැඳී සිටියදීයි පොලීසියට හමුව ඇත්තේ.

සිය බෝට්ටුව මුහුද දෙසට තව තවත් ඇදී යන බව පවසමින් ඔහු පොලීසියට දැනුම්දීමෙන් අනතුරුවයි මෙම සෝදිසි කිරීම සිදුකර ඇත්තේ.

ජීවිත ආරක්ෂක කබා පැළඳ සිටි මෙම පුද්ගලයාට කිසිදු තුවාලයක් හෝ නොමැති අතර ඔහුව සිය ඥාතීන් වෙත භාරදී තිබෙනවා.

සෑමවිටම ජීවිතාරක්ෂක කබා පැළඳ සිටීමේ වැදගත්කමත් GPS තාක්ෂණය ඔස්සේ යාත්‍රා කරන ලෙසත් WA පොලීසිය වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

World News

Send your contact Details Today