සරම්ප රෝගය උත්සන්න වීමෙන් නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ වැඩිහිටි පුද්ගලයකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එය මේ වසරේ අමෙරිකාවෙන් වාර්තා වූ දෙවැනි සරම්ප මරණය බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
මියගිය පුද්ගලයා සරම්ප එන්නත්කරණයට ලක් නොවූ වැඩිහිටියකු බව එරට සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කර ඇති අතර,අමෙරිකාව පුරා ප්‍රාන්ත සහ නගර රැසක වසංගතය ව්‍යාප්ත වෙමින් තිබෙන බවට අනතුරු අඟවා තිබෙනවා.
මීට පෙර පසුගිය මාසයේදී ටෙක්සාස් ප්‍රාන්තයේ 6 හැවිරිදි දරුවකු සරම්ප රෝගයෙන් ජීවිතක්ෂයට පත්වූ අතර, එය 2015 වසරෙන් පසු අමෙරිකාවේ පළමු සරම්ප රෝගී මරණය ලෙස වාර්තා වුණා.
අමෙරිකාවේ ප්‍රාන්ත 13ක ව්‍යාප්ත වී ඇති සරම්ප වසංගතයේ සංකූලතා පිළිබඳ එරට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අඛණ්ඩව ජනතාව දැනුම්වත් කරමින් සිටින අතර, එහි බලධාරින්ට අනුව සරම්ප රෝගීන් දහසකගෙන් තිදෙනකු ජීවිතක්ෂයට පත්වනු ඇතැයි අනාවැකි පළ කර තිබෙනවා.
ටෙක්සාස් සහ නිව්මෙක්සිකෝ ප්‍රාන්තවලින් මේ වනවිට රෝගිහු 300ක් හඳුනාගෙන ඇති අතර, එම සංඛ්‍යාව පසුගිය වසර තුළ වාර්තා වූ ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉක්මවා ගොස් ඇතැයි ද වාර්තා වනවා.
සරම්ප රෝගය පාලනය කිරීමට එකම විකල්පය එන්නත්කරණය බව එරට වෛද්‍යවරු යළි යළිත් අවධාරණය කර තිබෙනවා.