ඉන්දුනීසියාවේ බාලි දූපත් සිට පැමිණෙන ඔස්ට්‍රේලියානු සංචාරකයින් එහි ගුවන් තොටුපළෙහි සිරවී සිටින බවට වාර්තා වනවා.
ඒ ඉන්දුනීසියාවේ Lewotobi ගිනි කන්ද සක්‍රීයවී ඉන් පිටවන අළු හේතුවෙන්.
ඒ අනුව ගුවන් යානා අවලංගු කිරීම් හෝ ප්‍රමාදවීම් සිදුවන බවටයි මාධ්‍ය වාර්තා පළවන්නේ.
ගුවන් තොටුපළ වෙත පැමිණීමට පෙර ගුවන් ගමන් තත්වයන් පිළිබඳ පරික්ෂා කරන ලෙසද ඉන්දුනීසියා බලධාරීන් සංචාරකයින්ගෙන් ඉල්ලා සිටියා.