Latest News

චීනයෙන්, විදේශිකයින් සඳහා දුර්ලභ තීරණයක් ගනියි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

චීනය විසින් මත්ද්‍රව්‍ය චෝදනාවලට වරදකරුවන් වූ කැනේඩියානු ජාතිකයින් සිව්දෙනෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔවුන් සියලු දෙනාම ද්විත්ව පුරවැසිභාවය සහිත පිරිස් බවයි කැනේඩියානු විදේශ අමාත්‍යවරයා පවසා ඇත්තේ.

චීනය මත්ද්‍රව්‍ය අපරාධ සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරනු ලැබුව ද විදේශිකයින් සඳහා මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම දුර්ලභ අවස්ථාවක් ලෙස සලකනු ලබන බවයි එම වාර්තාවල සඳහන් වන්නේ.

කෙසේවෙතත් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන මේ සම්බන්ධයෙන් කනස්සල්ල පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

World News

Send your contact Details Today