Latest News

ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කරන ගොඩබිම් ප්‍රහාර පුළුල් කරයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කරන ගොඩබිම් ප්‍රහාර පුළුල් කර තිබෙනවා.

ගාසා තීරයට පසුගියදා එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පසු ගොඩබිම් ප්‍රහාර ද පුළුල් කර ඇති බව ඊශ්‍රායලය පවසනවා.

පසුගියදා ගාසා තීරයට එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 430කට අධික සංඛ්‍යාවක් මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා තිබුණා.

ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර පවතින සටන් විරාමයේ කාලසීමාව දීර්ඝ කරගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුව ද දෙපාර්ශවයම එහිදි එකඟතාවට පත් නොවූ බව සඳහන්.

මේ හේතුවෙන් ඊශ්‍රායලය විසින් ගාසා තිරයේ සතුරු ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම යළි ආරම්භ කරනු ලැබුවා.

World News

Send your contact Details Today