Latest News

පුංචි ඡන්දෙ ඇප තැන්පත් කිරීම අද දහවල් 12න් අවසන්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඇප තැන්පත් කිරීමේ කටයුතු අද එනම් 2025.03.19 දින මධ්‍යහන 12න් අවසන් වීමට නියමිතව තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙන්නේ ඇප තැන්පත් කිරීමේ කටයුතු භාරගැනීම පසුගිය 03 වනදා ආරම්භ කෙරුණු අතර කිසිම හේතුවක් මත එය අවසන් කිරීමේ දිනය දීර්ඝ නොකරන බවයි.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඇප තැන්පත් භාරගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාවලදී පහසුකම් සපයා තිබුණි.

මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීම හෙට එනම් 2025.03.20 මධ්‍යහ්න 12න් අවසන් වීමට නියමිත්ව තිබෙනවා.

නාමයෝජනා භාරගැනීම ඉකුත් 17 වනදා ආරම්භ කෙරුණා

ඒ අනුව හෙට මධ්‍යහ්න 12 සිට පැය එකහමාරක කාලයක් විරෝධතා ගොනු කිරීමට කාලය ලබාදී ඇති බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කර තිබෙනවා.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත්තේ ඉන් අනතුරුවයි.

World News

Send your contact Details Today