අර්ච්චුනා රාමනාදන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ සිදුකරන ප්‍රකාශ සජීවී ලෙස ශ්‍රව්‍ය, දෘශ්‍ය හා සමාජ මාධ්‍යවල සජීවී විකාශ කිරීම තාවකාලිකව අත්හිටුවන බව කථානායකවරයා අද දින එනම් 2025.03.19 පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබුවා.
ඒ මන්ත්‍රීවරයා සිදු කරන ජාතික සමගියට හා සංහිඳියාවට හානි වන සහ අවමන් සහගත ප්‍රකාශ පිලිබඳ සැලකිල්ලට ගැනීමෙන් අනතුරුවයි.
ඊට අමතරව, අර්ච්චුනා මන්ත්‍රීවරයා සිදු කරන අවස්ථානුකූල ලෙස අවමන් සහගත ප්‍රකාශ, අශෝභන හා පහත් ප්‍රකාශ හැන්සාඩ් වාර්තාවලින් ඉවත් කරන බවද කථානායකවරයා දැනුම් දෙනු ලැබුවා.
ඒ අනුව හෙට එනම් 2025.03.20 දින සිට මැයි 08 දක්වා පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දින 08 තුළ අර්ච්චුනා මන්ත්‍රීවරයාගේ ප්‍රකාශ වාර්තා කිරීම අත්හිටුවීම ක්‍රියාත්මක වෙයි.
එම කාලය තුළ මන්ත්‍රීවරයාගේ හැසිරීම අනුව, මෙම තාවකාලික අත්හිටුවීම ඉවත් කිරීම සිදු කරනවා ද? නැද්ද ? යන්න සලකා බලන බවද කථානායකවරයා වැඩිදුරටත් පාර්ලිමේන්තු සභාවට දන්වා තිබුනා.