Latest News

ජන­ප­තිට එරෙහිව සර්බි­යාවේ ජන­තාව අග­නු­වර වට­ලයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සර්බි­යාවේ දුම්රිය ස්ථාන­යක අවි­ධි­මත් ලෙස ඉදි­කර තිබූ කොන්ක්‍රීට් වහ­ලක් පසු­ගිය වසරේ නොවැ­ම්බ­ර­යේදී කඩා වැටී පුද්ග­ල­යන් 15 දෙනකු මිය යෑමේ සිදු­වීම මුල් කර­මින් එරට ව්‍යාප්ත වූ රාජ්‍ය විරෝධී විරෝ­ධතා උත්සන්න වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව ලක්ෂ තුන­කට අධික ජන­තාව සර්බි­යාවේ බෙල්ග්‍රෙඩ් අග­නු­වර වටලා ජනා­ධි­ප­ති­ව­ර­යාට ධුර­යෙන් ඉව­ත්වන ලෙස බල කර­මින් උද්ඝෝ­ෂ­ණ­යක නිරත වී සිටින බවත්, එය සර්බි­යාවේ මෙතෙක් පැවැති විශා­ල­තම විරෝ­ධ­තාව බවයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේ.

දුම්රිය ස්ථානයේ වහ­ලය කඩා වැටීමේ සිදු­වී­මෙන් පසු ආරම්භ වූ ජනතා විරෝ­ධතා හමුවේ එරට අග­මැති මිලෝස් වූසෙ­චික් සිය ධුර­යෙන් ඉව­ත් වූ­වද, මාස 4කට අධීක කාල­යක් පුරා පොදු ප්‍රවා­හන සේවා වර්ජ­නය කර­මින් විරෝ­ධ­තා­වක නිර­ත­වන ජන­තාව මේ වන­විට ජනා­ධි­පති ඇලෙ­ක්සැ­න්ඩර් වූසිස්ට සහ රජයට ඉව­ත්වන ලෙස බල කර­මින් බෙල්ග්‍රෙඩ් අග­නු­ව­රට රැස්වෙ­මින් සිටින බවයි විදෙස් මාධ්‍ය සඳ­හන් කළේ.

සර්බි­යාවේ සර­සවි සිසුන්, ටැක්සි රථ රියැ­දු­රන්, ගොවීන් සහ නීති­ඥ­වරු විශාල පිරි­සක් ද ඊට එක්වී සිටින අතර, විරෝ­ධතා මැඬ පැවැ­ත්වී­මට පොලී­සිය උත්සාහ කිරී­මේදී 56 දෙනකු තුවාල ලැබූ බව ද වාර්තා වනවා.

පොලී­සිය සමඟ ගැටුම් ඇති­ක­ර­ගත් විරෝ­ධ­තා­ක­රු­වන් 22 දෙනකු මේ වන­විට අත්අ­ඩං­ගු­වට ගෙන තිබෙන බව ද වාර්තා වනවා.

World News

Send your contact Details Today