Latest News

අධිකරණ නියෝගය නොතකා, අමරිකාව විසින් වෙනිසියුලා ජාතිකයන්ට සිදු කල දේ

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අධිකරණ නියෝගය නොතකා අමරිකාව විසින් සිය ගණනක් වෙනිසියුලා ජාතිකයන් පිටුවහල් කර තිබෙනවා.

අපරාධ කල්ලි සාමාජිකයන් යැයි චෝදනා ලැබූ වෙනිසියුලානු ජාතිකයන් 200 කට වැඩි පිරිසක් මෙලෙස අමරිකාවේ සිට එල් සැල්වදෝරයේ බන්ධනාගාරයකට පිටුවහල් කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

අමරිකා අධිකරණය මෙම ඉවත් කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කර තිබුණද එය නොතකා මෙම පියවර ගත් බවයි වාර්තා වන්නේ.

එල් සැල්වදෝර ජනාධිපති නයිබ් බුකෙල් සමාජ මාධ්‍යවලට ප්‍රකාශ කර ඇත්තේ වෙනිසියුලානු අපරාධ කල්ලියක් වන ට්‍රෙන් ඩි අරගුවා හි සාමාජිකයින් 238 දෙනෙකු ඉරිදා උදෑසන තම රටට එවා ඇති බවයි.

එමෙන්ම MS-13 කල්ලියේ සාමාජිකයින් 23 දෙනෙකු ද ඒ අතර සිටිනවා.

කෙසේ වෙතත් රැඳවියන්ගේ අනන්‍යතාව හඳුනාගෙන නොමැති අතර, ඔවුන්ගේ විස්තර ද ලබා දී නැහැ.

World News

Send your contact Details Today