Latest News

“දළදා දැක්ම” ගැන තවත් අලුත් තීරණයක් ගැනීමට යයි

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලබන අප්‍රේල් මස 18 වැනිදා සිට 28 වැනිදා තෙක් පැවැත්වෙන දළදා දැක්ම තවත් දින කිපයකින් වැඩි කිරීමට අදහස් කර සිටින බව බුුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි පවසනවා.

ඒ අනුව විශාල බැතිමතුන් පිරිසක් දළදා වහන්සේ දැක වැඳපුදා ගැනීමට මහනුවරට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් මහානායක හිමිවරුන්ගේ ද අවසරය මත දළදා දැක්ම දීර්ඝ කිරීම ගැන අවධානය යොමුව තිබෙන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

මේ සඳහා මහනුවරට පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය සියලු පහසුකම් ලබා දීමට රජය මේ වනවිට සියලු සැලසුම් සකස් කර තිබෙන බවද ඔහු කියා සිටියා.

සිරි දළදා දැක්ම සම්බන්ධයෙන් පූර්ව ප්‍රචාරක කටයුතු සිදු කරන ආකාරයත් අප්‍රේල් 18 සිට 28 දක්වා මහනුවර නගරයට පැමිණෙන ජනතාවගේ ප්‍රඥාව වඩවන ආකාරයේ වැඩසටහන් සැලසුම් කිරීමත් සම්බන්ධව සාකච්ඡා කළ බවද අමාත්‍යවරයා සඳහන් කළා.

දළදා වහන්සේ සම්බන්ධ මහා සම්ප්‍රදායට අවනතව, අනුගතව මාධ්‍ය මෙහෙයුම කළ යුතු බවත් ඒ සම්බන්ධ මාර්ග උපදේශන සකලවිධ ලෝකවාසීන්ට කඩිනමින් ලැබීමට සලස්වන බවත් අමත්‍යවරයා සඳහන් කළා.

World News