Latest News

ඉන්දියාවටත් වඩා හොඳට නැටූ ලංකාවේ නර්තන ශිල්පීන්ට ප්‍රංශයේදී ලැබුණු දේ (PHOTOS)

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ප්‍රංශයේ පැරිස් නුවර දී ඊයේ (16) පැවැත්වූ ඉන්දියානු නර්තන තරගාවලියේ දී ‘හොඳම ඉන්දීය නර්ථනයට’ හිමි සම්මානයෙන් ශ්‍රී ලංකාව පිදුම් ලැබුවා.

ප්‍රංශයේ සෑම වසරක ම පවත්වන්නට යෙදෙන මෙම ඉන්දීය නර්තන තරගාවලිය ලෙස සැලකෙන “නාට්‍යම් ආත්මා” (Natyam Atma) මෙවර පැවැත්වූයේ අතිසාර්ථකව සිව් වැනි වරටයි.

එහි දී හොඳම ඉන්දියානු නර්තන අංශය ජයග්‍රහණය කරන්නට ශ්‍රී ලාංකික නර්තන ශිල්පීන් තිදෙනෙකුගෙන් ‍යුක්ත ‘ත්‍රිබංග’ නමැති කණ්ඩායමට හැකි වුණා.

එම නර්තන කණ්ඩායමේ නර්තනවේදීන් ලෙස ඉදිරිපත් වූයේ කෞෂාල් රණසිංහ, කවිඳු ගයන්ත සහ ප්‍රදීප් උදයයි.

කෞෂාල් රණසිංහ මීට පෙර ද ප්‍රංශ – ඉන්දියානු නර්තන නිෂ්පාදනයක වන ‘සාකුන්තලා’ බැලේ නාට්‍යයේ ප්‍රධාන චරිතයක් වන දුෂෙයින්ගේ චරිතයට පණ පෙවීමට ද සමත් වුණා.

කවිඳු සහ ප්‍රදීප් කථක් නර්තනය සඳහා ඉන්දියාවේ ලක්නව් විශ්වවිද්‍යාලයේ විශාරද උපාධිය ලබා ඇති අය ලෙසයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාවේ ප්‍රවීණ කථක් නර්තන ගුරුවරියක් වන මෝක්ෂා සමරසූරිය මහත්මියගේ සිසුන් තිදෙනෙකු වන ඔවුන්ගේ මෙම තරගාවලි නර්තනයේ ඇඳුම් නිර්මාණය කර ඇත්තේ රංග වස්ත්‍රාභරණ නිර්මාණ ශිල්පි මහේෂ් ඉන්දික මහතායි.

World News

Send your contact Details Today