Latest News

උතුරු මැසිඩෝනියාවේ ගින්නෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

උතුරු මැසිඩෝනියාවේ රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගින්නකින් 59 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

ගින්නට වගකිව යුතු දස දෙනෙකු ද පොලිස් අත්අඩංගුවට පත්වුණා.

උතුරු මැසිඩෝනියාවේ රාත්‍රී සමාජ ශාලාවක අද අලුයම ඇති වූ ගින්නකින් පුද්ගලයින් 59 දෙනෙකු මිය ගිය අතර තවත් 155 දෙනෙකු තුවාල ලැබුවා.

එරට පොලිසිය මේ වනවිට ඊට සම්බන්ධ පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි BBC රූපවාහිනිය වාර්තා කරන්නේ.

කොකානි හි පල්ස් සමාජ ශාලාවේ මෙම ගින්න හට ගත්තා.

එරට ජනප්‍රිය හිප්-හොප් ගායන යුගලයක් වන DNK විසින් පවත්වනු ලැබූ ප්‍රසංගයක් අතරතුරයි ගින්න හට ගත්තේ.

එය නැරඹීම සඳහා 500 ක පමණ පිරිසක් රැස්ව සිටියා.

සංගීත කණ්ඩායමේ එක් සාමාජිකයෙකු පමණක් දිවි ගලවා ගෙන රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව එරට රජය පවසනවා.

World News

Send your contact Details Today