Latest News

විද්‍යාගාරයක සිදුවූ වැරදි අත්හදා බැලීමක් හේතුවෙන් සිදුවුණ දේ

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මෙල්බන් තරුණ අධ්‍යාපන ආයතනයක විද්‍යාගාරයක සිදුවූ වැරදි අත්හදා බැලීමක් හේතුවෙන් ඩොලර් 45,000 ක දඩයක් නියම කර තිබෙනවා.

2022 වසරේ නැගෙනහිර ශාන්ත කිල්ඩා හි (Chabad Youth in St Kilda East) චබාඩ් යූත් අධ්‍යාපන ආයතනයේ විද්‍යාගාරයක් තුළ සිදුකළ පරීක්ෂණයකදී එහි සිටි ශිෂ්‍යයෙකු සහ ගුරුවරයෙකු බරපතල තුවාල ලැබුවා.

විමර්ශනවලදී අනාවරණය වූයේ විද්‍යාගාරය තුළ අවදානම් සම්බන්ධයෙන් කිසිදු ආරක්ෂික වැඩපිළිවෙලක් සකසා නොමැතිවීම චබාඩ් යූත් අධ්‍යාපන ආයතනයට එරෙහි චෝදනායි.

ගින්නකට ඔරොත්තුදීමට අවශ්‍ය අත්වැසුම් හෝ කබා වැනි පුද්ගලික ආරක්ෂණ උපකරණ පවා පැළඳ නොසිටි බව ද මෙහිදී අනාවරණය වී තිබෙනවා.

චබාඩ් යූත් යනු ඔස්ට්‍රේලියාවේ විශාලතම යුදෙව් තරුණ සංවිධානය වන අතර පාසලෙන් පසු සමාජ ශාලා, සති අන්ත වැඩසටහන් මෙන්ම කඳවුරු හරහා වාර්ෂිකව තරුණයින් 2000 කට වැඩි පිරිසක් මෙම ආයතනය මගින් දැනුමක් ලබනු ඇති.

World News

Send your contact Details Today