Latest News

මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මැදින් පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබෙනවා.

මැදින් පුර පොහොය දිනය යෙදෙන අද දිනයේ ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදුව තිබෙනවා.

බුද්ධත්වයෙන් පසු පළමු වරට බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ උපන් බිම වූ කිඹුල්වත්පුරයට වැඩම කිරීම අද වැනි පොහෝ දිනයකදී සිදුවූ බවයි බෞද්ධ ඉතිහාසයේ සඳහන් වන්නේ.

කිඹුල්වත්පුර ගමනේදී නන්ද කුමරු සහ රාහුල කුමරු පැවිදි කිරීම ද සිදු වූ බවද ශාක්‍ය සහ කෝලීය දෙපිරිස නියෝජනය කරමින් තවත් බොහෝ පිරිසක් ද බුදු සසුනේ පැවිදි වීම මැදින් පුර පසළොස්වක පොහෝ දිනයේදී සිදුවූ බවයි සඳහන් වන්නේ.

අදට යෙදී තිබෙන මැදින් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් ශ්‍රී ලංකාව පුරා සෑම විහාරස්ථානයකම ආමිස සහ ප‍්‍රතිපත්ති පූජා රැසක් සංවිධාන කර තිබෙනවා.

World News

Send your contact Details Today