Latest News

මගීන් 400 කට අධික පිරිසක් සහිත පකිස්ථානයේ දුම්රියක්, කැරලිකරුවන්ගේ ග්‍රහණයට (VIDEO)

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පකිස්ථානයේ මගී ප්‍රවාහන දුම්රියක් බලුච් විමුක්ති හමුදාව නමින් හඳුන්වන කැරලිකරුවන්ගේ ග්‍රහණයට ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ දුම්රියේ මගීන් 400 කට අධික පිරිසක් සිටින බවයි.

කැරලිකරුවන්, මගින් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා තබාගෙන ඇතැයිද සඳහන්.

ප්‍රාණ ඇපකරුවන්ගෙන් බහුතරයක් පකිස්ථාන හමුදා සාමාජිකයින් බවයි විදෙස් වාර්තා පවසන්නේ.

ඔවුන්ගෙන් 6 දෙනෙකු මේ වනවිට ඝාතනය කර තිබෙන බව ද සඳහන්.

තමන්ට විරුද්ධව හමුදා මෙහෙයුමක් දියත් කළහොත් ප්‍රාණ ඇපකරුවන් සියලුම දෙනා ඝාතනය කරන බවට ඔවුන් අනතුරු අඟවනවා.

බලුකිස්ථාන් ප්‍රාන්තයේ සිට කයිබර් පක්තුන්ක්වා දෙසට එම දුම්රිය ධාවනය කර ඇති අතර කැරලිකරුවන් විසින් දුම්රිය මාර්ගය පුපුරුවා දුම්රිය සිය ග්‍රහණයට ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඕනෑම හමුදා ආක්‍රමණයකට ඒ හා සමාන ප්‍රතිප්‍රහාර එල්ල වනු ඇති බවයි.

බලුච් විමුක්ති හමුදාව යනු පකිස්ථානයෙන් බලුකිස්තානයට නිදහස අපේක්ෂා කරමින් සංවිධානය වූ කැරලිකරුවන් කණ්ඩායමක් වනවා.

කෙසේවෙතත් මේ වනවිට ත්‍රස්තවාදීන් 16 දෙනෙකු ඝාතනය කර, ප්‍රාණ ඇපකරුවන් 104 දෙනෙකු බේරාගෙන තිබෙන බවත් එරට මාධ්‍ය වාර්තා කරනවා.

අනෙකුත් මගීන් මුදවා ගැනීමේ මෙහෙයුම් තවමත් ක්‍රියාත්මකයි.

World News