Latest News

පාකිස්තාන ජන ජීවිතයට දැඩි බලපෑම් – හේතුව මෙන්න

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පාකිස්තානය සහ ඉරානය අතර ප්‍රධාන මාර්ගය වන N-40 ජාතික අධිවේගී මාර්ගය අඛණ්ඩව වසා දැමීම හමුවේ පාකිස්තාන ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ලවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව මාර්ගය වසා දැමීම ඉරානය සමඟ පාකිස්තානයේ ගොඩබිම් සම්බන්ධතාවයට බලපා ඇති බවයි එම මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල LPG ගෑස් සැපයුම ද අත්හිටුවා තිබෙනවා.

දෙරට අතර පවතින ආතතීන් හේතුවෙන් පාකිස්තානය සහ ඇෆ්ගනිස්ථානය අතර දේශසීමාව ද වසා දමා ඇතැයි පාකිස්තානය පවසනවා.

ආගමන බලධාරීන් පෙන්වා දෙන්නේ දිනකට 10,000කට ආසන්න පිරිසක් Torkham දේශ සීමාව හරහා ගමන් කරන බවයි.

World News

Send your contact Details Today