Latest News

ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ගවලට නැවතත් STF එකෙන් බසියි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අධිවේගී මාර්ගයේ සිදුවන හදිසි අනතුරුවල දී ජීවිත ගලවා ගැනීම් සහ ගිනි නිවීම් සේවා කටයුතු සඳහා ඊයේ (10) රාත්‍රියේ සිට නැවතත් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් අනුයුක්ත කළ බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එෆ්. එම්. පි. සූරිය බණ්ඩාර මහතා පැවසුවා.

මේ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගය, දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව , කොළඹ පිටත වටරවුම් මාර්ගය, නව කැලණි පාලම හා සහ කොළඹ – කටුනායක මාර්ගයන් හි වන හදිසි අනතුරුවලදී ජීවිත ගලවා ගැනීම් සහ ගිනි නිවීම් සේවා කටයුතු සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් යෙදවීමටත් ඊට අමතරව මේ වන විට විශේෂයෙන් හඳුනාගෙන ඇති කොළඹ – කටුනායක මාර්ගය, නව කැලණි පාලම ,කොළඹ පිටත වටරවුම් මාර්ගය හි විවිධ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් ඉකුත් කාලය පුරා අධිවේගී මාර්ගයේ දේපළ සොරා ගැනීම් සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කර ඒවා ආරක්ෂා කිරීම සඳහා 20 දෙනෙකුගෙන් සමන්විත පොලිස් විශේෂ කාර්ය බළකා යෙදවීමට ද නියමිත ව ඇති බවයි වාර්තා වන්නේ.

එම රාජකාරී සඳහා පැමිණි පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් තම රාජකාරි ආරම්භ කිරීමට පෙර ගිනි නිවීම් රථ සහ අනෙකුත් සේවා කටයුතු සඳහා නියමිත ගිලන් රථ පරීක්ෂා කිරීම ඊයේ රාත්‍රියේම සිදු කෙරුණා.

World News

Send your contact Details Today