Latest News

හිටපු ජනාධිපති මෛත්‍රිපාලට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (11) හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත නොතීසි නිකුත් කිරීමට නියෝග කළා.

ඒ රෝයල් පාක් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහ නමත්තාට ලබා දුන් ජනාධිපති සමාව අහෝසි කිරීමෙන් අනතුරුව රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙස අධිකරණය විසින් දුන් නියෝගය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම සම්බන්ධයෙන් අප්‍රේල් මස 29 වන දා අධිකරණය හමුවේ පෙනී සිට දඬුවම් නොකිරීමට හේතුව ඉදිරිපත් කරන ලෙස දන්වමින්.

ඉකුත් වසරේ මෙම නඩුවේ තීන්දුව දුන් අවස්ථාවේදී මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියනයක වන්දියක් මාසයක් තුළ ගෙවා අවසන් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට නියෝග කර තිබුණා.

මෙම පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා සඳහන් කළේ මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් එම මුදල මේ දක්වා ගෙවා නොමැති බවයි.

ඒ අනුව මෙම වන්දි ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිට දඬුවම් නොකිරීමට හේතුව ඉදිරිපත් කරන ලෙස දන්වා මෛත්‍රිපාලි සිරිසේන මහතා වෙත නොතීසි නිකුත් කිරීමට නියම කෙරුණා.

World News

Send your contact Details Today