Latest News

පිලිපීනයේ හිටපු ජනාධිපති අත්අඩංගුවට

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පිලිපීනයේ හිටපු ජනාධිපති රොද්‍රිගෝ ඩුටර්ටේ මැනිලා ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් ඔහුට වරෙන්තු නිකුත් කිරීමෙන් අනතුරුවයි ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔහු හොංකොං සිට මැනිලා නුවරට පැමිණි පසු ගුවන් තොටුපළේදී පොලිසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

ඩුටර්ටේ 2016 සිට 2022 දක්වා පිලිපීන ජනාධිපති ධුරය දැරූ කාලයේ සිදු වූ මත්ද්‍රව්‍ය විරෝධී මර්දනයේ දී දහස් ගණනක් පිරිස් මිය ගියා.

ඔහුව අත්අඩංගුවට ගත හැකි බවට වාර්තා පළ වූ විට, 79 හැවිරිදි ඔහු පවසා තිබුණේ තමන් සිරගෙට යාමට සූදානම් බවයි.

World News

Send your contact Details Today