Latest News

ඇපල් සමාගම වෙනසකට සූදානම් – පරිශීලකයන්ටත් නව අත්දැකීමක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඇපල් සමාගම විසින් ඉතිහාසයේ වඩාත් විශාලතම මෘදුකාංග ප්‍රතිසංස්කරණයක් සූදානම් කරමින් සිටින බව Bloomberg පුවත් සේවය වාර්තා කරනවා.

එහිදී නව පරම්පරාවේ පරිශීලකයින් සඳහා iPhone, iPad සහ Mac අතුරුමුහුණත (Interface) පරිවර්තනය කිරීමක් සිදුවනු ඇති බවයි එම වාර්තා පවසන්නේ.

මෙම ප්‍රතිසංස්කරණය මෙම වසර අගදී සිදු කිරීමට නියමිතයි.

මෙම නව යාවත්කාලීනය හරහා මෙහෙයුම් පද්ධතිවල පෙනුම මූලික වශයෙන් වෙනස් කරන අතර Apple හි විවිධ මෘදුකාංග වේදිකා වඩාත් ස්ථාවර කරන බව ද සඳහන්.

ඒ අනුව අයිකන, මෙනු, යෙදුම්, කවුළු සහ පද්ධති බොත්තම් වල විලාසය යාවත්කාලීන කිරීම ඇතුළත් වනවා.

මෙම වෙනස්කම් iOS 19 සහ iPadOS 19 – කේත නාමය “Luck” – සහ macOS 16, “Cheer” ලෙස නම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

යාවත්කාලීන කිරීම් ජුනි මාසයේ පැවැත්වෙන Apple හි ලෝක ව්‍යාප්ත සංවර්ධකයින්ගේ සමුළුවේදී කැපී පෙනෙන සිදුවීමක් වනු ඇති.

World News

Send your contact Details Today