Latest News

ඔස්ට්‍රේලියාවේ Student Visa අයදුම්කරුවන්ට විශේෂ දැනුම්දීමක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තුමේන්තුව වීසා අයදුම්කරුවන් වෙත විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව Visitor Visa මගින් ඔස්ට්‍රේලියාවට පැමිණ ශිෂ්‍ය වීසා (Student Visa) සදහා අයදුම් කිරීම සම්බධයෙන් දැඩි සීමා පනවා ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

පසුගිය වසරේ ජූලි පළමු වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නව නීති සංශෝධනය කිරීම සිදු කර තිබෙනවා.

එවැනි ක්‍රියාවන් සදහා උපදෙස් ලබාදෙන පුද්ගලයන්ගෙන් ප්‍රවේශම් වෙන ලෙසයි ස්වදේශ කටයුතු දෙපාර්තුමේන්තුව සදහන් කළේ.

ඔස්ට්‍රේලියාව තුළ අධ්‍යාපනය හැදෑරීමට අවශ්‍ය විදේශීය සිසුන්ට තම මව් රටේ සිට ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා සදහා අයදුම් කළ හැකියි.

Visitor බලපත්‍ර නිකුත් කරන්නේ ඔස්ට්‍රේලියාවේ සංචාරය සදහා පමණක් වන බවද එහි වැඩිදුරටත් සඳහන් වනවා.

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු පහත Link එකට පිවිසීමෙන් ඔබට ලබාගත හැකියි.

https://immi.homeaffairs.gov.au/news-media/archive/article?itemId=1211

World News

Send your contact Details Today