Latest News

රාමසාන් සමයේදී සිඟමන් යදින අය පිටුවහල් කරන බව රටකින් දන්වයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රාමසාන් සමයේදී සිඟමන් යදින විදේශිකයන් පිටුවහල් කිරීමට කුවේටය සැලසුම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ඒ, එරට නීතිවිරෝධී ක්‍රියාවන්ට එරෙහි මර්දන මෙහෙයුම්වල කොටසක් ලෙසයි.

එලෙස සිඟමන් යැදීමේ නිරත වූ විදේශිකයන් 11 දෙනකු අත්අඩංගුවට ගත් බව කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර අරාබි සහ ආසියානු රටවල පුරවැසිභාවය හිමි කාන්තාවන් අටදෙනකු සහ පිරිමි පුද්ගලයන් තිදෙනකු සිටින බවයි අමාත්‍යාංශය පවසා ඇත්තේ.

ඔවුන් මුස්ලිම් පල්ලි සහ වෙළඳපොළවල් ඉදිරිපිට සිඟමන් යදිමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බව අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබෙනවා.

අත්අඩංගුවට ගත් පිරිසෙන් ඇතැමකු කුවේටයට ඇතුළු වී ඇත්තේ සංචාරක වීසා හෝ පදිංචි බලපත්‍ර සහිතව වන අතර, අනෙක් අය ස්ථිර රැකියාවක් නොමැති අක්‍රමවත් කම්කරුවන් වනවා.

කුවේට් නීතියට පටහැනිව එම සේවකයින් බඳවාගැනීමට පහසුකම් සලසා ඇති සමාගම්වලට එරෙහිව නීතිමය පියවර ගනිමින් සිටින බවද අමාත්‍යාංශය පවසනවා.

නීතිමය ක්‍රියාපටිපාටි ඉස්මතු කරමින් අමාත්‍යාංශය පවසන්නේ, නීති උල්ලංඝනය කරන්නන් පිටුවහල් කිරීම නේවාසික කටයුතු විමර්ශන දෙපාර්තමේන්තුව භාරගන්නා බවයි.

ඒ අනුව, යැපෙන්නන් ලෙස පදිංචි බලපත්‍ර උල්ලංඝණය කරන අය ඔවුන්ගේ අනුග්‍රාහකයන් සමඟ පිටුවහල් කරන බව ද කුවේටය පවසනවා.

World News

Send your contact Details Today