නිරිතදිග චීනයේ ෂීචැන්ග් චන්ද්‍රිකා ගුවන්ගත කිරීමේ මධ්‍යස්ථානයෙන් චන්ද්‍රිකාවක් අද කක්ෂගත කර තිබෙනවා.
එය සන්නිවේදන තාක්ෂණය අත්හදා බැලීමේ අංක 15 දරණ චන්ද්‍රිකාවක් බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.
එහිදී මෙම චන්ද්‍රිකාව නියමිත කක්ෂයට ඇතුළු වී ඇති අතර මෙහෙයුම සාර්ථකව සම්පූර්ණ කර ඇති බව සඳහන්.
බහු සංඛ්‍යාත කලාප සහ අධිවේගී සන්නිවේදන තාක්ෂණය සඳහා මෙම චන්ද්‍රිකාව භාවිත කරන අතර, එය ලෝන්ග් මාර්ච් වර්ගයේ රොකට් මාලාවේ 562 වැනි පියාසැරි මෙහෙයුම වනවා.