Latest News

Starlink හරහා 6G ලබාදීමට සූදානමක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

Telstra සමාගම විසින් ඔස්ට්‍රේලියාව පුරා ක්‍රියාත්මක වන 5G ජාලය වේගවත් සහ කාර්යක්ෂම කිරීමට AI තාක්ෂණය යොදා ගනිමින් සිටිනවා.

ඒ හරහා අනාගත 6G ජාලයට ඉදිරියේදී දොරටු විවර වනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

ලොව අංක එකේ ධනවතා ලෙස සැළකෙන ඊලෝන් මස්ක් ගේ Starlink සමඟ ඇති කරගත් ගනුදෙනුවකට අදාළව ඉදිරියේදී ඔස්ට්‍රේලියාව පුරා AI තාක්ෂණය යොදාගනිමින් 5G ජාල නවීකරණය වනු ඇති.

වසර 04 ක සැලසුමක් යටතේ ක්‍රියාත්මක වන මේ සදහා ඩොලර් මිලියන 800 ක මුදලක් වැය වනු ඇති බවටයි ඇස්තමේන්තු කර ඇත්තේ.

Telstra හි තාක්ෂණ සබදතා ප්‍රවර්ධන විධායක චන්න සෙනවිරත්න ප්‍රකාශ කළේ Telstra හි 5G ජාලය ඔස්ට්‍රේලියාවේ වඩාත් දියුණුම ජාලය බවට පත් කිරීමට කටයුතු කරන බවයි.

4G ජාලයට සාපේක්ෂව 5G ජාලය වඩාත් හොද, කාර්යක්ෂම සහ වේගවත් වනු ඇති බවයි තාක්ෂණ විශේෂඥ ට්‍රෙවර් ලෝන්ග් පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් 2030 වර්ෂය වනතෙක් 6G ජාලය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර නොමැති බවද වැඩිදුරටත් සඳහන්.

World News

Send your contact Details Today